ඔසප් චක්‍රය පිළිබඳව ඔබ නොදත් දේ......
ඔසප්වීම යනු කාන්තාවකගේ ජීවිතයේ වැඩිවිය පැමිණීමත් සමඟ කායිකව සිදුවන වෙනස්කමක් වෙයි.සාමාන්‍යයෙන් ගැහැණු දරුවන් වැඩිවිය පැමිණීම අවුරුදු 8-13 අතර කාලයෙදී සිදුවේ. මේ සමඟම ඔවුන්ගේ ශරීරය සහ මනස විවිධ ආකාරයෙන් වෙනස් වීම වලට භාජනය වීම සිදුවේ. මෙය ශරීරයේ ඇති වන හෝමෝනමය බලපෑම හේතුවෙන් සිදුවන්නක් වෙයි.ගැහැණු ළමයෙකුගේ පළමු ඔසප් වීම, මල්වර වීම නැතහොත් වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනු ලබයි.ආර්තවය හෙවත් ඔසප් වීම සිදුවන්නේ වැඩිවියට පත් වීමෙන් පසු මසකට වරක් ය. මෙය දින 28 කට වරක් සිදු වීමට නියමිත මුත් සමහරවිට දින 24-42 පරාසයක වුවද විය හැකිය. වැඩි වියට පත් වු පසු මුල් කාලයේදී සමහර අයට මෙය අක්‍රමවත්ව සිදු වී කාලයත් සමග ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම සාමාන්‍ය තත්වයකි.
මාසික ඔසප්කාලය තුළ කාන්තාවකගේ ශරීරයෙහි විවිධාකාර කායික සහ මානසික වෙනස්වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් වෙයි. එම වෙනස්වීම් කිහිපයක් ලෙස,
➤උදර වේදනාව
➤පිටකොන්ද වේදනාව
➤කකුල් වේදනාව
➤බඩ වායුවීම
➤හිසරදය
ඉන් කිහිපයක් වන අතරම මෙය එක් එක් කාන්තාවන්ට අවේණික වෙයි.ඔසප් චක්‍රය තුළ මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය වන නමුත් වේදනාව අධික වන අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙයි.
මෙම කායික සහ මානසික වෙනස්වීම් සහ ඔසප් කාලය තුළ පවතින්නා වූ වේදනාව සමනය කිරීම සඳහා වෛද්‍ය උපකාර සහ වේදනානාශක භාවිත කිරීම වෙනුවට ඒ සඳහා නිවසේදීම අනුගමනය කළ හැකි ස්වභාවික ක්‍රම සහ පියවර පවතින අතර ඒවා පහත පරිදි වෙයි.
ස්වාභාවික වේදනා පාලන ක්‍රම:
➤උණුසුම රඳවා ගැනීම : උණු වතුර බෝතලයක් හෝ උණුසුම් තුවායක් භාවිතයෙන් පහළ උදරයට සහ පිටුපසට උණුසුම ලබාදීමෙන් වේදනාව සහ කැක්කුම පාලනය කරගත හැකිය.
➤උණුසුම් ස්නානය: උණුසුම් ජලයෙන් ස්නානය කිරීම මාංශ පේශි ලිහිල් කර වේදනාව සමනය කිරීමට උපකාරී වේ.
➤සුදුසු ආහාර පාන ගැනීම: ඉඟුරු තේ, මින්ට් තේ හෝ ලෙමන් මිශ්‍ර උණු වතුර වැනි දේ මෙම කාලය තුළ පානය කිරීම මඟින් කායිකව මෙන්ම මානසිකව ශරීරය සුව කරයි.
➤ආහාර පාලනය: ඔසප් කාලයේදී මේද සහිත ආහාර, කාබනීකෘත බීම, කැෆේන් සහ අධික ලුණු සහිත ආහාර ගැනීමෙන් පාලනය වීම බඩ පිපීම සහ කැක්කුම අඩු කිරීමට උපකාරී වේ.
➤කොත්තමල්ලි පානය: ඔසප් වීමට සතියකට පෙර කොත්තමල්ලි කබලේ බැඳ කුඩු කර තේ වැනි පානයක් ලෙස පානය කිරීම තුළින් වේදනාව සමනය කරගත හැකිය.
➤සැහැල්ලු ව්‍යායාම: යෝගා හෝ ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාම මගින් රුධිර සංසරණය වැඩි දියුණු කර වේදනාව අඩු කර ගත හැකි අතර ශරීරය වෙහෙසට පත්වන ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමට මෙම කාලය තුළ කටයුතු කළ යුතුය.
➤සුවදායී නින්ද සහ සුදුසු ලෙස වතුර පානය කිරීම මෙම කාලය තුළ සිදු කිරීම අනිවාර්ය වෙයි.
ඔසප් චක්‍රය පවතින දිනයන්හිදී නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම ආසාදන සමේ රෝග සහ අපහසුතා මඟහරවා ගැනීමට හැකිවෙයි.ඒ පිළිබඳව සැලකිය යුතු කරුණු කිහිපයක් පවතී.
➤නිෂ්පාදන නිතර මාරු කිරීම: සනීපාරක්ෂක තුවා සෑම පැය 4-6 කට වරක්වත් මාරු කිරීම වැදගත් වෙයි.
➤රහස් ප්‍රදේශය පිරිසිදු කිරීම: රහස් ප්‍රදේශය උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කිරීම සුදුසු වෙයි. රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් හෝ බොඩි වොෂ් භාවිතා කිරීමෙන් වැළකීමට වගබලා ගත යුතුය.මන්දයත් ඒවායේ ඇති සුවඳ විලවුන් මගින් ආසාදන ඇති විය හැකි බැවිනි.
➤පිරිසිදු යට ඇඳුම්: පිරිසිදු, වියළි සහ කපු යට ඇඳුම් භාවිතා කරන්න.
➤නිවැරදිව බැහැර කිරීම: භාවිතා කළ සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීම සිදුකළ යුතුය.
➤ශරීරය පිරිසිදුව තබා ගැනීම: ඔසප් කාලය තුළ දිනපතා නෑම සෞඛ්‍යයට ඉතා යහපත් වෙයි.මේ දිනයන්හිදී ස්නානය හොඳ නෑ යන මිථ්‍යා මත විශ්වාස නොකර දිනපතා ස්නානය කොට පිරිසිදුව සිටීමට වගබලා ගත යුතුය.
වැදගත් සෞඛ්‍ය අනතුරු ඇඟවීම්:
➥අධික ලෙස රුධිරය වහනය වීම
➥දරාගත නොහැකි බඩේ කැක්කුම සහ අක්‍රමවත් ඔසප් වීම් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
➥පොදු වැසිකිළි භාවිතා කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න.
අවසාන වශයෙන් ඔසප් චක්‍රය කාන්තාවකගේ සමස්ත යහපැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයකි. මෙම කාලය තුළ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ශාරීරික අපහසුතා මෙන්ම මානසික පීඩනයද අවම කරගත හැකිය.පැරණි මිථ්‍යා මතවලට වඩා විද්‍යාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත පුරුදුවලට මුල්තැන දෙමින් තමන්ගේ ශරීරය පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ. යම් හෙයකින් අසාමාන්‍ය රෝග ලක්ෂණයක් දුටුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පසුබට නොවන්න.

.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)