Come on, Let's talk

 කරපිංචාවලින් කොණ්ඩෙ වවමුද......   


දවස් හතක් වගේ කෙටි කාලයක් තුළ ඔයාගේ හිස කෙස් වැවීම දෙගුණයක් වේගවත් කරන ස්වභාවික සත්කාර තිබෙනවා කිව්වොත් ඔබට  එය විශ්වාස කරන්න පුළුවන්ද? එසේ නොකරත් ඇත්තටම එහෙම සත්කාර තිබෙනවා.ඉතින් එහෙම දෙගුණයක් වේගයෙන් හිස කෙස් වර්ධනය කරන සත්කාර මොනවද?මෙම සත්කාර  දින හතක් වැනි කෙටි කාලයක් තුළ ඔබගේ කොණ්ඩය ඝනව ශක්තිමත්ම වැවීමට සහ පිරිපුන්ව පවත්වා ගැනීමට උපකාරී වෙනවා.මෙම සත්කාර සිදුකිරීමට මූලිකවම අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කරපිංචා.පහසුවෙන් ඕනෑම කෙනෙකුට සොයා ගත හැකි නිසා ගෙදරදීම පහසුවෙන් මෙම සත්කාරය කිරීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.අනෙක් වැදගත්ම කාරණය තමයි මෙම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම ක්‍රම තුනම ඔබ නිවැරදිව සිදුකිරීම වැදගත් වෙනවා.මොනවද මෙම ක්‍රම.

   

 ➥කරපිංචා තෙල්   


පිරිසිදු භාජනයක් ගෙන එයට පොල්තෙල් 200 ml  පමණ ප්‍රමාණයක් එකතු කරගන්න.පසුව එම භාජනය ලිපෙන් තබා  තෙල් එක ටිකක් රත්වෙන විට කරපිංචා ඉති හතරක පමණ කොළ එම තෙල් එකට එකතු කරගන්න.මදගින්නේ විනාඩි දහයක පමණ කාලයක් මෙම තෙල් එක සාදාගත යුතුයි.කරපිංචා   ඔයාගේ කේශ මූල උත්තේජනය කරලා හිසකෙස්  වැවීම දෙගුණයක් දක්වා වර්ධනය කිරීමට උපකාරී වෙනවා.කේශ මූල ශක්තිමත් නොමැති වීම නිසා අකලට කෙස් ගැලවී යාම මෙම කරපිංචාවල පවතින සංඝටක තුළින් පාලනය වීම සිදුවෙනවා.ලිප මත ඇති තෙල් එකෙහි කරපිංචා  කොළ තද කොළපැහැයට පත්වූ විට ලිපෙන් ඉවත් කර නිවෙන්න තබන්න.තෙල් එක හොඳින් නිවුණු පසු පිරිසිදු වියළි බෝතලයක් ගෙන එය හොඳින් පෙරා  බෝතලයට දමාගත යුතුයි.හිස කෙස් අඩු ප්‍රදේශයන්හි වැඩි වශයෙනුත් අනෙක් ප්‍රදේශයන්හිත් සතියට දින හතරක් හොඳින් ආලේප කර විනාඩි පහක කාලයක් හොඳින් හිස සම්බාහනය කොට පැයකට පමණ පසු හිස කෙස් සෝදා හරින්න.ඔබට ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

     

➥කරපිංචා තේ

පිරිසිදු කරගත් කරපිංචා ඉති හතරක් පමණ ගෙන එහි කොළ පිරිසිදු භාජනයකට දමා එයට වතුර කෝප්ප දෙකක් එකතු කොට විනාඩි දහයක් පමණ හොඳින් තම්බගන්න.කරපිංචවල පවතින පෝෂ්පාදාර්ථ හොඳින්  වතුරට මිශ්‍ර වන්නේ   මෙම තැම්බීම තුළිනි.හිසකෙස් වර්ධනය කිරීමට අවශ්‍ය කරන පෝෂණය ශරීර අභ්‍යන්තරයෙන් ලබාදීමක් මෙම කරපිංච තේ එක තුළින් සිදුවෙයි.විශ්වාස කරන්න මේ වගේ තේ එකක් දින හතක් පානය කිරීම තුළින් ඔබගේ හිස කෙස් ඔබ හිතනවාටත් වඩා වේගයෙන් වර්ධනය වීම සිදුවෙනවා.ලිප මත ඇති කරපිංචා කොළවල පැහැය වෙනස් වන විට එය ලිපෙන් ඉවත් කර පිරිසිදු කෝප්පයකට දමා එයට දෙහි බින්දු කිහිපයක් එක් කොට හොඳින් කවලම් කොට පානය කරන්න.ඔබට අවශ්‍ය නම් මෙම කරපිංචා කොළ හොඳින් වේලා කුඩු කර එම කුඩු නටන උණුවතුරට  මිශ්‍ර කොට පානය කිරීමටද හැකියාව පවතිනවා.හිස කෙස් වලට පමණක් නොවෙයි ශරීරයේ  පවතින අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් මෙම කරපිංචා තේ එක උපකාරී වෙනවා.

   

➥කරපිංචා   Hair Mask

Blender Cup එකට කරපිංචා ඉති හතරක පමණ කොළ එකතු එකතු කර ගන්න.එයටම යෝගට් කෝප්ප එකක් සහ ලොකු බිත්තර එකක් එකතු කර එම මිශ්‍රණය හොඳින් Blender කරගන්න.දියර ස්වභාවයට පවතින  මෙම මිශ්‍රණය මුලින්ම ඔබගේ හිස් කබලෙහි හොඳින් ආලේපකොට  පසුව හිසකෙස් සියල්ලෙහිම   ආලේප කරන්න.ආලේප කරන මොහොතේම ඇඟිලි තුඩුවලින් හිස්කබල හොඳින්  සම්බාහනය කරන්න.මෙම Mask එක සතියට එක්වරක්  පමණක් ආලේප  කිරීම ප්‍රමාණවත්  වෙයි.

Come on,Let's talk

 ඔයාගේ සම  අඳුරු වෙලාද.මොන දේ කරත් හරියන්නෙ නැද්ද.......

බොහෝ තරුණ තරුණියන්ට මුහුණ පාන්නට සිදුවී තිබෙන  ප්‍රධාන ගැටලුවක් වන්නේ තමන්ගේ සම, මුහුණ අඳුරු පැහැයට ලක්වීම.කාර්යබහුල ජීවිතයෙහි තමන් වෙනුවෙන් කාලයක් වෙන් කිරීමට ඉඩ නොමැති වීම නිසා මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.එමෙන්ම එක් එක් පුද්ගලයන්ට ආවේණික වූ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසාද මුහුණෙහි විවිධ කුරුලෑ , ලප කැළැල් සහ ආසාදන තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්.මෙවැනි තත්ත්වයන්හිදී වෙළඳපොළෙහි අලෙවි කිරීමට පවතින්නාවූ විවිධ බාහිර ආලේපන නිෂ්පාදන භාවිතයට අද වන විට තරුණ සමාජය පෙළඹී තිබීම හඳුනාගන්න පුළුවන්.ඇතැම් නිෂ්පාදනයන්හි අධික ලෙස Bleaching කාරක ඇතුළත් වන නිසා නිසා  බොහෝ තරුණ පිරිස Bleaching  ආසාදනයන්ට මේ වනවිට ගොදුරු වී තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කර ගත හැකි සුදුසුම ක්‍රමවේදය වන්නේ ස්වාභාවික ආලේපන ක්‍රමවේදයන්ට හුරු වීමයි.අපි දැන් බලමු ස්වාභාවික ආලේපන ක්‍රම මොනවද කියලා.

➥කඩල පිටි Face pack

අවශ්‍ය ද්‍රව්‍ය-:   ➤ කඩල පිටි     

                       ➤ මී පැණි

                       ➤ දෙහි යුෂ

                       ➤ යෝගට්

                       ➤ කස්තුරි කහ

ආලේප කරන ආකාරය -: 

පිරිසිදු භාජනයක් ගෙන එයට කඩල පිටි මේස හැදි දෙකක් දෙහි යුෂ තේ හැන්දක් මී පැණි තේ හැන්දක් යෝගට් මේස  හැඳි එකක් සහ කස්තුරි කහ තේ හැඳි බාගයක් එක්කොට හොඳින් මිශ්‍ර කර  පිරිසිදු කරගත් මුහුණෙහි ආලේප කොට පැය බාගයක් තබා සෝදා හරින්න.මෙමගින් සම අඳුර වැටීම, ලප කැළැල් මැකී යාම සහ කුරුලෑ ඇතිවීම පාලනය වීම සිදුවෙයි.

  කෝපි Face Pack 

                                                                      අවශ්‍ය ද්‍රව්‍ය -: කෝපි කුඩු

                      යෝගට්

                        මී පැණි

                      කඩල පිටි

ආලේප කරන ආකාරය-:

පිරිසිදු භාජනයක් ගෙන එයට කෝපි කුඩු මේස හැඳි එකක් යෝගට් මේස හැඳි එකක් මී පැණි තේ හැඳි එකක් සහ කඩල පිටි මේස හැඳි එකක් එක් කොට හොඳින් මිශ්‍ර කර පිරිසිදු කරගත් මුහුණෙහි ආලේප කර පැය භාගයක් තබා සෝදා හරින්න.කෝපි කුඩු ස්වභාවයෙන්ම මුහුණෙහි පවතින්නාවූ අඳුරු ස්වභාවය ඉක්මනින් යටපත් කිරීම සිදුකරන නිසා සම පැහැපත්වීම කෙටි කාලයක් තුළ සිදුවෙයි.

  කඩල පිටි Cream

අවශ්‍ය ද්‍රව්‍ය -:     කඩල පිටි 

                          ➤කෝමාරිකා ජෙල්

සාදන ආකාරය-:

පිරිසිදු භාජනයක් ගෙන එයට කඩල පිටි මේස හැඳි දෙකක් සහ කොමාරිකා ජෙල් මේස හැඳි තුනක් එක් කොට හොඳින් මිශ්‍ර කර පිරිසිදු ඇසුරුම් උපකරණයක් ගෙන එයට මෙම ආලේපනය දමා ශීතකරණයෙහි සාමාන්‍ය කොටසෙහි තබා සතියක් තුළ පිරිසිදු කරගත් මුහුණෙහි දිනකට දෙවරක් පාවිච්චි කිරීම සුදුසු වෙයි.කඩල පිටි යනු ස්වභාවික Bleaching කාරකයක් නිසා ඔයාගේ මුහුණෙහි සමෙහි තිබෙන  සියලුම ගැටලු මෙම ක්‍රීම් එක ආලේපනය කිරීම තුළින් පාලනය කර ගැනීමට හැකිවෙයි.

Come on, Let's talk

 දවස තිස්සෙම පාඩම් කරත් මතක හිටින් නැද්ද?


අද සමාජයේ  පාසල් සිසුන් විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් මෙන්ම අධ්‍යාපනය හදාරන බොහෝ දෙනා මුහුණ දෙන්නා වූ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබෙනුයේ කෙතරම් දුරට අධ්‍යන  කටයුතු හැදෑරුවත් මතක ශක්තිය ධාරණය කර ගැනීමට නොහැකි වීමයි.එක් එක් පුද්ගලයාගේ  මනසෙහි ස්වභාවය අනුව මෙම මතක ශක්තිය රඳවා ගැනීම   සිදුවන අතර එය පුද්ගලානුබද්ධ වෙයි.නමුත් වර්තමානයෙහි මෙම මතක ශක්තිය හීන වීම සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙන්නේ තරුණ පිරිස පොතපතෙන් දුරස් වී විවිධ  AI App භාවිතයෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කිරීමට පෙළඹවීමයි.එපමණක් නොව  රාත්‍රී කාලයෙහි අධික ලෙස ජංගම උපකරණ භාවිතය හේතුවෙන්ද මෙම මතක ශක්තිය යටපත්වීම සිදුවෙයි.මෙම හේතුව නිසා තොරතුරුවලින් පමණක්  පරිපූර්ණ දැනුමෙන් පරිපූර්ණ නොමැති පිරිස් සමාජගත වී සිටී.මෙම තත්තවය පාලනය කර ගනිමින් මතක ශක්තිය වර්ධනය කර ගනිමින දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයකු වීමට ගත හැකි පියවර පහතින් දැක්වෙයි.

➤පාඩම් කිරීමට සුදුසු ස්ථානයක් තෝරාගන්න

පාඩම් කිරීම නිදහසේ කළ යුතු කාර්යයක් වෙයි.පාඩම් කරන අතරතුර කිසියම් ආකාරයක බාධාමය තත්ත්වයක් ඇතිවුවහොත් මනස විසින් එය ග්‍රහණය කර ගන්නේ නැත.එම නිසා බාධක රහිත සුදුසු පිරිසිදු නිස්කලන්ක ස්ථානයක් ප්‍රථමයෙන් තෝරා ගැනීම වැදගත් වෙයි.

පාඩම් කරන ස්ථානය පිරිසුදු විය යුතුය

ඔබ පාඩම් කරන පොත් මේසය හෝ වේවා වෙනත් ස්ථානයක් හෝ වේවා හැමතැනම පොත්නම් කොළ කෑලි නම් ඇඳුම් පැළඳුම් නම් එය පාඩම් කිරීමට සුදුසු ස්ථානයක් නොවෙයි.එම නිසා පාඩම් කරන ස්ථානය පිරිසිදුව තබා ගැනීම වැදගත් වෙයි.

කාල සටහනකට වැඩ කිරීම

වැඩ ලෝකයට පිවිසෙන්නා වූ පිරිසක් ලෙස විවිධාකාර විෂයයන් අධ්‍යයනය කිරීමට ඔබට සිදුවෙයි.මෙලෙස විවිධ විෂයයන් පවතින විට එම විෂයන් සමබරව අධ්‍යයනය කිරීම සඳහා සුදුසු කාලසටහනක් අනුගමනය කිරීම වැදගත් වෙයි.

කෙටි සටහන් සහ Highlights භාවිතය

ඔබ අධ්‍යයන කටයුතු සිදුකරන විට මතක තබා ගැනීමට අපහසු සටහන් වෙනත් පොතක හෝ කොළයක කෙටි සටහන් ආකාරයට මතකයෙන් සටහන් කිරීම සහ අවශ්‍ය කරුණු වැදගත් කරුණු Highlights  භාවිතයෙන් සලකුණු කර ගැනීම සිය මතක ශක්තිය වැඩිවීමට හේතු වෙයි.

පාඩම් කරපු දේ මෙනෙහි කිරීම 

පාඩම් කිරීමෙන් අනතුරුව හරි ඒක මට පාඩම් යැයි නොසිතා නිදහස් ස්ථානයකට ගොස් තමන් පාඩම් කරපු දේ නැවත නැවත මෙනෙහි කිරීම තුළින් මතක ශක්තිය මනා ලෙස රඳවා ගත හැකිය.

ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම

ඔබ සිය අධ්‍යයනය කටයුතු කෙතරම් පාඩම් කර ද එය සිය  මතකයෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට කටයුතු නොකරන්නේ නම් ඔබ පාඩම් කරපු දෙයින් පලක් නොවේ.එම නිසා ඔබ පාඩම් කරනු ලබන දෙයින් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට වග බලා ගැනීම වැදගත් වෙයි.

උගන්වන ආකාරයට පාඩම් කිරීම

මේසය ළඟ පුටුවක් තබාගෙන පාඩම් කරනවා වෙනුවට තව කෙනෙකුට උගන්වන ආකාරයෙන් පාඩම් කිරීම තුළින් මතක ශක්තිය වැඩිවෙයි.

ආහාර සහ ආහාර රටාව

ඔබ පාඩම් කරනු ලබන කෙනෙකු නම් ඔබ අනිවාර්යයෙන් මතක ශක්තිය වැඩි වීමට උපකාරී වන පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වෙයි.තවද ආහාර ලබා ගැනීමෙන් පසු කෙටි විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව  නැවත පාඩම් කිරීමට වග බලා ගත යුතු වෙයි.

නින්දට යාමට පෙර හෙට දිනයේ අධ්‍යනය කරනු ලබන  විෂයයන් සැලසුම් කිරීම

ඔබ නින්දට යාමට පෙර හෙට දිනයේ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සැලසුම් කිරීම වැදගත් වෙයි.එසේ නොවේ නම් ඔබ පසුදා  අවදි වීමෙන් පසු  මා අද කුමක් කරන්නේද යන්න සිතා ලෙස කාලය වැය කිරීමක් සිදුකරනු ලබයි. එය ඔබගේ අධ්‍යන  කටයුතු සඳහා ඇතිවෙන්නා වූ බාධකයකි.එම නිසා හෙට දිනයේ අධ්‍යයනය කිරීමට බලාපොරොත්තුවන    විෂයයන්  නින්දට යාමට පෙර සැලසුම් කිරීම වැදගත් වෙයි.

සුවදායී  නින්දක් ලබා ගැනීම


ඔබ පාඩම් කරන පුද්ගලයෙකු වශයෙන් සුවදායී  නින්දක් ලබා ගැනීම අනිවාර්යයෙන් වැදගත් වෙයි.මක්නිසාද යත් පාඩම් කරපු දේ මනා ලෙස ග්‍රහණය වීමට නම් ඔබගේ නින්ද ඉතාමත් වැදගත් වනු ඇත. අඩුම වශයෙන් ඔබ පැය 6-8 අතර ප්‍රමාණයක සුවදායේ නින්දක් ලබාගත යුතුය.එය ඔබගේ මතක ශක්තිය වර්ධනය වීමට වැදගත් වෙයි.


පාඩම් කිරීමට  දවසේ හොඳම කාලයන්  

දවසේ නිශ්චිත වෙලාවන්හිදී මොළය වඩාත් හොඳින් ක්‍රියා කරන බව හඳුනාගත හැකිය.මෙම නිසා පුද්ගලයකුට පාඩම් කිරීමට  සඳහා සුදුසු කාලයන් පවතී.ඒවානම්

පෙ.ව.4.00- 7.00  

අලුතින් යමක් අධ්‍යයනය කිරීමට සුදුසුම වේලාවයි 

පෙ.ව. 10.00- ප.ව.  2.00

පාඩම් කරපු දේ මෙනෙහි කිරීමට සුදුසු වේලාවයි

ප.ව. 4.00- 10.00 

මතකයේ රඳවා ගැනීමට ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට සුදුසුම වේලාවයි.

Come on, Let's talk

 ඔසප් චක්‍රය පිළිබඳව ඔබ නොදත් දේ......

ඔසප්වීම යනු කාන්තාවකගේ ජීවිතයේ වැඩිවිය පැමිණීමත් සමඟ කායිකව සිදුවන වෙනස්කමක් වෙයි.සාමාන්‍යයෙන් ගැහැණු දරුවන් වැඩිවිය පැමිණීම අවුරුදු 8-13 අතර කාලයෙදී සිදුවේ. මේ සමඟම ඔවුන්ගේ ශරීරය සහ මනස විවිධ ආකාරයෙන් වෙනස් වීම වලට භාජනය වීම සිදුවේ. මෙය ශරීරයේ ඇති වන හෝමෝනමය බලපෑම හේතුවෙන් සිදුවන්නක් වෙයි.ගැහැණු ළමයෙකුගේ පළමු ඔසප් වීම,  මල්වර වීම නැතහොත් වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනු ලබයි.ආර්තවය හෙවත් ඔසප් වීම සිදුවන්නේ වැඩිවියට පත් වීමෙන් පසු මසකට වරක් ය. මෙය දින 28 කට වරක් සිදු වීමට නියමිත මුත්  සමහරවිට දින 24-42 පරාසයක වුවද විය හැකිය. වැඩි වියට පත් වු පසු මුල් කාලයේදී සමහර අයට මෙය අක්‍රමවත්ව සිදු වී කාලයත් සමග ක්‍රමයෙන් යථා තත්වයට පත්වීම සාමාන්‍ය තත්වයකි.

මාසික ඔසප්කාලය තුළ කාන්තාවකගේ ශරීරයෙහි විවිධාකාර කායික සහ මානසික වෙනස්වීම් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් වෙයි. එම වෙනස්වීම් කිහිපයක් ලෙස,  

                                                                        ➤උදර වේදනාව 

                                                                        ➤පිටකොන්ද වේදනාව

➤කකුල් වේදනාව

➤බඩ වායුවීම 

➤හිසරදය

 ඉන් කිහිපයක් වන අතරම මෙය එක් එක් කාන්තාවන්ට  අවේණික වෙයි.ඔසප් චක්‍රය තුළ මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය වන නමුත් වේදනාව අධික වන අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙයි.

මෙම කායික සහ මානසික වෙනස්වීම්  සහ  ඔසප් කාලය තුළ පවතින්නා වූ වේදනාව සමනය කිරීම සඳහා වෛද්‍ය උපකාර සහ වේදනානාශක  භාවිත කිරීම වෙනුවට ඒ සඳහා නිවසේදීම අනුගමනය කළ හැකි ස්වභාවික ක්‍රම සහ පියවර පවතින අතර  ඒවා පහත පරිදි වෙයි.

       ස්වාභාවික වේදනා පාලන ක්‍රම:

උණුසුම රඳවා ගැනීම : උණු වතුර බෝතලයක් හෝ උණුසුම් තුවායක් භාවිතයෙන්  පහළ උදරයට සහ පිටුපසට උණුසුම ලබාදීමෙන් වේදනාව සහ කැක්කුම පාලනය කරගත හැකිය.

උණුසුම් ස්නානය: උණුසුම් ජලයෙන් ස්නානය කිරීම මාංශ පේශි ලිහිල් කර වේදනාව සමනය කිරීමට උපකාරී වේ.

සුදුසු ආහාර පාන ගැනීම: ඉඟුරු තේ, මින්ට් තේ හෝ ලෙමන් මිශ්‍ර උණු වතුර වැනි දේ  මෙම කාලය තුළ  පානය කිරීම මඟින්  කායිකව මෙන්ම මානසිකව ශරීරය සුව කරයි. 

ආහාර පාලනය: ඔසප් කාලයේදී මේද සහිත ආහාර,  කාබනීකෘත බීම, කැෆේන් සහ අධික ලුණු සහිත ආහාර ගැනීමෙන් පාලනය වීම  බඩ පිපීම සහ කැක්කුම අඩු කිරීමට උපකාරී වේ.

කොත්තමල්ලි පානය: ඔසප් වීමට සතියකට පෙර කොත්තමල්ලි කබලේ බැඳ කුඩු කර තේ වැනි පානයක් ලෙස පානය කිරීම තුළින් වේදනාව සමනය කරගත හැකිය. 

සැහැල්ලු ව්‍යායාම: යෝගා හෝ ඇවිදීම වැනි සැහැල්ලු ව්‍යායාම මගින් රුධිර සංසරණය වැඩි දියුණු කර වේදනාව අඩු කර ගත හැකි අතර ශරීරය වෙහෙසට පත්වන ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමට මෙම කාලය තුළ කටයුතු කළ යුතුය.

සුවදායී නින්ද සහ සුදුසු ලෙස වතුර පානය කිරීම මෙම කාලය තුළ සිදු කිරීම අනිවාර්ය වෙයි.



ඔසප් චක්‍රය  පවතින දිනයන්හිදී නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම ආසාදන  සමේ රෝග සහ අපහසුතා මඟහරවා ගැනීමට හැකිවෙයි.ඒ පිළිබඳව සැලකිය යුතු  කරුණු කිහිපයක් පවතී.

නිෂ්පාදන නිතර මාරු කිරීම: සනීපාරක්ෂක තුවා   සෑම පැය 4-6 කට වරක්වත් මාරු කිරීම වැදගත් වෙයි. 

රහස් ප්‍රදේශය පිරිසිදු කිරීම: රහස් ප්‍රදේශය උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කිරීම සුදුසු වෙයි. රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් හෝ බොඩි වොෂ්  භාවිතා කිරීමෙන් වැළකීමට වගබලා ගත යුතුය.මන්දයත් ඒවායේ ඇති සුවඳ විලවුන් මගින් ආසාදන ඇති විය හැකි බැවිනි.

පිරිසිදු යට ඇඳුම්: පිරිසිදු, වියළි සහ කපු යට ඇඳුම් භාවිතා කරන්න.

නිවැරදිව බැහැර කිරීම: භාවිතා කළ සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීම සිදුකළ යුතුය. 

ශරීරය පිරිසිදුව තබා ගැනීම: ඔසප් කාලය තුළ දිනපතා නෑම  සෞඛ්‍යයට ඉතා යහපත් වෙයි.මේ දිනයන්හිදී  ස්නානය හොඳ නෑ යන මිථ්‍යා මත විශ්වාස නොකර දිනපතා ස්නානය කොට පිරිසිදුව  සිටීමට වගබලා ගත යුතුය.



වැදගත් සෞඛ්‍ය අනතුරු ඇඟවීම්:

➥අධික ලෙස රුධිරය වහනය වීම

➥දරාගත නොහැකි බඩේ කැක්කුම සහ අක්‍රමවත් ඔසප් වීම් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

➥පොදු වැසිකිළි භාවිතා කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න.

අවසාන වශයෙන්  ඔසප් චක්‍රය කාන්තාවකගේ සමස්ත යහපැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයකි. මෙම කාලය තුළ නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ශාරීරික අපහසුතා මෙන්ම මානසික පීඩනයද අවම කරගත හැකිය.පැරණි මිථ්‍යා මතවලට වඩා විද්‍යාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත පුරුදුවලට මුල්තැන දෙමින් තමන්ගේ ශරීරය පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ. යම් හෙයකින් අසාමාන්‍ය රෝග ලක්ෂණයක් දුටුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පසුබට නොවන්න.


 ස්වාභාවික සුන්දරත්වයේ අපූර්ව සත්කාරය

            Aloe Vera



ස්වාභාවික සුන්දරත්වයේ අපූර්ව සත්කාරයක් වන කෝමාරිකා කියන්නේ අපි කවුරුත් දන්න විශ්මිත ගණයේ පැළෑටියක්.කෝමාරිකා පැළෑටිය එතරම් විශ්මිත වන්නේ එහි විටමින් A, E, C හා B යන පෝෂ්‍යපදාර්ථත් සහ  අධික ප්‍රෝටීන් ප්‍රමාණයක්ද අඩංගු වන නිසයි.එපමණක් නොව වර්ෂාව අඩු කාලවලදී වතුර  මනාව  ගබඩා කර තබා ගැනීමට  කෝමාරිකා පැළෑටියට හැකියාව තිබෙන නිසාම  ගොඩක් උෂ්ණ ප්‍රදේශ වල  බහුල වශයෙන්  කෝමාරිකා   පැළෑටිය හොඳින් වර්ධනය වීමද සිදුවෙනවා.කෝමාරිකා පැළෑටියේ බොහෝ දෙනා නොදන්න  health benefits & beauty benefits ගොඩක් තියෙනවා. ඒ නිසාම අපි දැන් බලමු කෝමාරිකා වලින් අපිට ලැබෙන benefits  මොනවද කියලා.

    Health benefits

➤ ගැස්ට්‍රයිටිස් පාලනය කරගත හැකිවීම.


➤ ශරීරයෙහි ඇති අධික සීනි මට්ටම පාලනය කර දියවැඩියා රෝගය මර්දනය කර  ගැනීමට උපකාරී වීම.

➤ විදුරුමස් දියවීම, ඉදිමීම වැනි මුඛ  ආශ්‍රිත රෝගවලට ඖෂධයක් වීම.

➤ මළ බද්ධය පාලනය කර ගැනීමට උපකාරී  වීම.

➤ සම  ආශ්‍රිත රෝග, තුවාල පාලනය කරගත හැකි වීම.

කෝමාරිකාවලින් ඖෂධීය පානයක් සාදා ගනිමින් පහසුවෙන්  ඉහත සඳහන් වාසි අපට ලබා ගතහැක.පිරිසිදු භාජනයක් ගෙන කෝමාරිකා මදය හැන්දකින් සූරා ඉවත් කර කෝමාරිකා ප්‍රමාණයට සාපේක්ෂව  හය ගුණයක් වතුර එක් කර අවශ්‍ය පරිදි සීනි සහ ලුණු මිශ්‍ර කිරීමෙන් මෙම ඖෂධීය පානය ගෙදරදීම පහසුවෙන් සාදා ගැනීමට ඔබට හැකිවෙයි.ඒ තුළින් සෞඛ්‍යයේ පවතින අහිතකර වූ රෝග  ගණනාවක් සුව කර ගනිමින්  සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් ගත කිරීමට  අවස්ථාවෙ උදා වෙයි.

    Beauty benefits


   හිසකෙස් ඝනකම්ව වර්ධනය වීමට උපකාරී වෙයි.

කෝමාරිකා මදය හැන්දකින් සූරා  ඉවත්කොට පිරිසිදු භාජනයකටට දමා එයට විටමින් E එක්කොට හොඳින් මිශ්‍රකර  හිස්කබලෙ හි සහ හිසකෙස් වල හොඳින් ආලේප කොට පැය දෙකක් පමණ සිට සෝදා හැරීමෙන් අකලට කෙස් හැලීම ආදී තත්ත්වයන් පාලනය කර ගත හැකිවෙයි.

   Clencer එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

කෝමාරිකා මදය ගෙන පිරිසිදු භාජනයකට දමා එයට කෝපි කුඩු ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් එක් කොට මුහුණ හොඳින් clenser  කර සෝදා හැරීම තුළින් මුහුණෙහි ඇති අනවශ්‍ය කුණු දූවිලි ඉවත්කොට සම පිරිසිදුව තබා ගැනීමට උපකාරී වෙයි.

Tips:මුළු ශරීරයටම මෙම ක්‍රමය අනුගමනය කළ හැකි අතර සමෙහි පවතින අඳුරු ප්‍රදේශ පැහැපත් කරගැනීමට සහ සම අකලට රැලි වැටීම් පාලනය කර ගැනීමට මෙය උපකාරී වෙයි.

 ➥  Scrub එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

   Jel එකක් ලෙස මුහුණෙහි ආලේප කිරීම.

කෝමාරිකා ඉත්තක්  ගෙන එය හොඳින් සෝදා පිරිසිදු කොට මදය හැන්දකින් සූරා ඉවත් කොට  රෝස් වතුර හෝ සාමාන්‍ය වතුර එක් කොට  හොඳින් blender කර පිරිසිදු භාජනයකට දමා හොඳින් රත් කරගන්න.ඉන්පසු එයට coneflower ( බඩඉරිඟු පිටි) මේස හැදි දෙකක් එක් කොට හොඳින් මිශ්‍රකොට මිශ්‍රණය තරමක් ඝනකම් වූ විට ලිප වසා පිරිසිදු භාජනයක් ගෙන මිශ්‍රණය පෙරා ගනිමින් එම භාජනයට දමා  තරමක් රස්නය අඩු වූ විට විටමින් E කරල් දෙකක් එම මිශ්‍රණයට එක් කොට හොඳින් මිශ්‍රකර පැය එකහමාරක් පමණ ශීතකරණයෙහි තබා පාවිච්චියට ගන්න.

   Toner එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්.


රෝස් වතුර 500ml පමණ ප්‍රමාණයකටට කෝමාරිකා මදයෙන් මේස හැදි එකක් එක් කොට හොඳින් මිශ්‍ර කොට spray bottle එකකට දමා උදේ සවස   මුහුණ හොඳින් Toner කළ හැක.

Tips :ශීතකරණයෙහි නොදා දවස්   පහක් හයක් පමණ මෙය පාවිච්චි කළ හැකි අතර ශීතකරණයෙහි තබා පාවිච්චි කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැක.

 Cream එකක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්.

කඩල පිටි මේස හැඳි දෙකකට ගෙදරදී ඔබ සාදාගත් කෝමාරිකා Jel මේස  හැදි එකක් එක් කර මිශ්‍ර කිරීම තුළින් මෙම Cream  එක ඔබට පහසුවෙන් සාදාගත හැක.

Tips: කෝමාරිකා ගෑම තුළින් මුහුණෙහි කසන ගතිය සහ ආසාදන තත්ත්වය  පාලනය කර ගැනීමට කෝමාරිකා කැබැල්ලෙහි ඇති කහ පාට දියරය හොඳින් ඉවත් වනතුරු පිරිසිදු කර ගැනීමට වගබලා ගන්න.




Come on, Let's talk

 ජීවිතය පවතින්නේ නිවීම තුළයි

 දියුණුවන ලෝකයත් සමඟ කාර්යබහුල ජීවිතයකට අප නිතැතින්ම හුරු වී ඇත.ඒ නිසාම අපේ  සුන්දරත්වය අපිට අමතක වන තරමටම අපේ ජීවිත වේගයෙන් ඉදිරියට යයි. කාර්යබහුලත්වය, තරඟකාරීත්වය සහ අනාගතය සමඟ මෙලෙස අපේ ජීවිත ඉදිරියට යද්දී   අපිට නිරායාසයෙන්ම මගහැරෙන දෙයක් තමයි 'නිවීම' කියන්නේ.නිරාමිස වින්දනය සතුට සහ  සාර්ථකත්වය අපට ළඟා කර ගතහැක්කේ  අපේ මනස සහ සිත සන්සුන් වූ අවස්ථාවලදී පමණයි .නමුත් අවාසනාවකට මෙන් අපේ ඒ සන්සුන්කම නිවීම අපේ ජීවිත වලින් දුරස් වී ඇත.

      මොකක්ද මේ නිවීම.

ජීවිතය කියන්නේ පහසු ගමනක් නෙවෙයි. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා සහ යස අයස සමඟ යන ගමනකි.මේ ගමනේ අපි බොහෝවිට සොයන්නේ සතුටයි එනම් නිවීමයි.නමුත් එම ගමනට බාධාවන කෝපය, ඉරිසියාව, අහංකාරත්වය, ලෝභය, අසීමිත බලාපොරොත්තු  යනදී  දුර්වින්දන සිතුවිලි රාශියක් අපේ නිවීම යටපත් කරයි.ඒ නිසාම අපි අපේ නිවීම වෙනුවෙන් අභ්‍යන්තර  දුර්වින්දන  සිතුවිලි යටපත් කර ගැනීමට වග බලා ගත යුතුවෙයි.


     


නිවීම වැදගත් ඇයි?

අපි නිතරම කෝපයෙන්, ආතතියෙන්, අසතුටින්, බලාපොරොත්තු විරහිතව ජීවත් වුවහොත් අපේ ජීවිතවල සැනසුම අපට ළඟා කරගත නොහැක.නමුත් නිවුණු මනසක් ඇති විට

 තීරණ ගන්නා විට අපහසුතාවයකට ලක් නොවී පහසුවෙන් තීරණ ගත හැකි වෙයි.

➧ සම්බන්ධතා ශක්තිමත් වෙයි.

➧ ආතතිය අඩු වෙයි.

➧ සතුට සහ සන්සුන් බව වැඩි වෙයි.

නිවීම තුළින් අපිට අපිවම අවබෝධ කර ගන්න පුළුවන්.අපේ දුර්වලතා,  බලාපොරොත්තු, ධනාත්මක සිතුවිලි යන   මේ සියල්ල පැහැදිලිව  හඳුනාගත හැකි වෙයි.අපි බලාපොරොත්තු වන  සතුට අපිට ලැබෙන්නේ බාහිර දේවල් වලින් පමණක්ම නොවේ. මුදල්, දේපළ, ප්‍රසිද්ධිය යනාදියට තාවකාලික සතුටක් ලබා ගත හැකි වුවත් දීර්ඝකාලීන  සතුටක් ලැබෙන්නේ නිවුණු හිතක් තුළින්ය.


      නිවීම පහසු කරගත හැකි ක්‍රම

➧ දිනපතා මිනිත්තු 10ක් හෝ තමන් තමන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.

➧ භාවනා කිරීම

➧ ස්වභාව ධර්මය සමඟ වැඩි වශයෙන් කාලය ගත කිරීම

➧ කෘතඥතාව පුරුදු කිරීම ඉවසීම.

➧ සමාජ මාධ්‍ය භාවිතය සීමා කර  තමන් කැමති ස්ථානයක කාලය ගත කිරීමට පුරුදු වන්න.

අවසානයේ අපි  විසින්ම අපි තේරුම් ගත යුත්තේජීවිතය කියන්නේ වේගවත් ගමනක් නොව සන්සුන්  ගමනක් බවයි.අපි ලෝකය ජයගැනීමට පෙර අපේම සිත ජයගත යුතුය.


 විනාඩි 10න් Simple Meckup එකක්......

        Necessary makeup tools

  • Foundation
  • Foundation Powder 
  • Jel Liner or Aibrow Pencil 
  • Eye Shadow
  • Eye Liner
  • Mascara
  • Lip Liner 
  • Lipstick 
  • Blushes
  • Meckup Brush & Pencil   
               
             How To Apply

මුලින්ම තමන් එදිනෙදා පාවිච්චි කරන Clencer,Face Wosh & Toner යනාදියෙන් මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.

ඉන්පසු තමන්ගේ  Skin එකට ගැලපෙන Foundation   එකක්   තුලින් මුහුණෙහි Dark  සහ Light  ප්‍රදේශ සුදුසු ලෙස ආවරණය වන පරිදි  මුහුණ සහ ගෙල ප්‍රදේශයට Brush එකක් ආශ්‍රයෙන් ආලේප කර ගන්න.

ඉන්පසු Foundation Powder භාවිතයෙන් මුහුණ සහ ගෙල සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මුහුණ හොඳින් Seal කරගන්න.(Secrets :- ඒ තුළින් දහදිය පිටතට පැමිණීම වැළකෙයි.)

පසුව Jel Liner or  Aibrow Pencil එක ආශ්‍රයෙන්ම Aibrow එකේ හැඩය Shep කර Brush එකක්  ආශ්‍රයෙන් Aibrow එක Neat කරගන්න

ඉන්පසු Eye Shadow භාවිතයෙන් මුහුණට              ගැලපෙන පරිදි Eye Shodow Apply කරන්න.

ඉන්පසු Eye Liner එක ආශ්‍රයෙන්  ඇස් දෙකෙහි හැඩය පවත්වා ගනිමින් Mascara එක තුළින් ඇස් පිහාටු Neat  කරගන්න.

පසුව Lip Liner එක ආශ්‍රයෙන්  දෙතොලෙහි හැඩය සුරැකෙන පරිදි Liner  එක Apply කොට තමන්ගේ රුචිකත්වය පරිදි Lipstic එකක් ආශ්‍රයෙන් දෙතොල වර්ණ ගන්වන්න.

අනතුරුව Meckup එකේ නිමාව සනිටුහන් කිරීම සඳහා Brush එකක් ආශ්‍රයෙන් මුහුණ හොඳින් Blusher කර කරගන්න.  

               Meckup Tips

මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව අනිවාර්යයෙන් Meckup එක Apply කරන්න පෙර මුහුණ  Toner කරන්න.ඒ තුළින් Meckup එක දියවීම පාලනය වෙයි.

මුහුණ තෙල් සහිත සමක් නම් Meckup එක Apply කිරීමට පෙර Ice Cube එකක් හෝ Ice Water  වලින් තෙතමනය කරගත්  Tovel එකක් විනාඩි පහක් පමණ මුහුණෙහි තබන්න.


මුහුණ වියලි සමක් නම් Hot Water Tovel එකක් විනාඩි පහක් පමණක් මුහුණෙහි තබන්න.

Meckup එක Apply කිරීමට පෙර මුහුණෙහි අනවශ්‍ය රෝම ඉවත් කරන්න.

මැරුණු සම ඉවත්වීම සඳහා  Simple Facial එකක් Apply කරන්න.

මේ තුළින් Meckup එක දියවීම පාලනය වන අතර දිගු වේලාවක් කල් පවත්වා ගත හැකිය.



Come on, Let's talk

 කරපිංචාවලින් කොණ්ඩෙ වවමුද......    දවස් හතක් වගේ කෙටි කාලයක් තුළ ඔයාගේ හිස කෙස් වැවීම දෙගුණයක් වේගවත් කරන ස්වභාවික සත්කාර තිබෙනවා කිව්වොත් ...