Come on,Let'talk

 සුව දිවියකට අරුතක්.....

වර්තමානයෙහි පවතින වේගවත් සහ පීඩනකාරී ජීවන රටාවත් සමඟ මිනිසුන්  වැඩි වශයෙන් සිය අවධානය යොමු කරනු ලබන්නේ මුදල්, රැකියා,අධ්‍යාපනය සහ සාර්ථකත්වය යන කාරණා පිලිබඳවයි.එය එසේ වුවද  ඉහත සඳහන් කරනු ලැබූ සියල්ලටම සාපේක්ෂව පුද්ගල ජීවිතයට වටිනාම දේ වන්නේ නිරෝගී සෞඛ්‍යයයි.අවාසනාවකට මෙන් එය මේ වනවිට පුද්ගල මනසින් යටපත්ව තිබේ.පුද්ගල  සෞඛ්‍යය යහපත් තත්ත්වයක නොමැති නම් ජීවිතයේ අනෙක් සාර්ථකත්වයන්ගේ  නිරාමිස  සතුට ලබාගැනීම අපහසු වේ.නිරෝගීව සිටීම යනු රෝග නොමැති වීම පමණක් නොව    ශාරීරික, මානසික සහ සමාජීය වශයෙන් පරිපූර්ණ සුවතාවයක සිටීමයි. එම සුවතාවය ලබාගැනීමට නම් පුද්ගල දෛනික දිවියේ  සෞඛ්‍ය සම්පන්න භාවයක් තිබීම ඉතා වැදගත් වේ.

              සුව දිවියක් ගත කරන්නේ කෙසේද...

සෞඛ්‍යයයට හිතකර ආහාර රටාවකට හුරුවීම➥

සුවදායී දිවියකට පදනම වන්නේ සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකට හුරුවීමයි. පුද්ගලයන් එදිනෙදා ජීවිතය තුළ ආහාරයට ගනු ලබන දේ අනුව ශරීරය  ශක්තිමත් වීමටත්, රෝග වලින් පාලනය වීමටත් සහ බුද්ධිය වර්ධනය වීමටත් නිසැකයෙන්ම බලපානු ලබයි. එහිදීඑළවළු, පලතුරු, ධාන්‍ය, පලා වර්ග වැනි ස්වභාවික ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම ඉතා වැදගත් වන අතරම තෙල්, ලුණු සහ සීනි අධික ආහාර නිතර ආහාරයට ගැනීම වළක්වා ගැනීම තුළින් දියවැඩියාව, රුධිර පීඩනය, හෘද රෝග වැනි රෝග තත්ත්වයන් ඇතිවීම පාලනය කර ගත හැකිය. එපමණක් නොව  දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමද සුව දිවියකට හේතුවක් වනු ඇත.

දිනපතා ව්‍යායාම කිරීමට හුරුවීම

             

දිනපතා ව්‍යායාම කිරීම සුවදායි දිවියකට මනා අරුතක් වෙයි.ශරීර  බර පාලනය වීම, මාංශපේශී ශක්තිමත් වීම සහ රුධිර සංසරණය වේගවත්ව සිදුවීම  ව්‍යායාම කිරීම තුළින් සිදුවේ.එහිදී අවම වශයෙන්දිනකට මිනිත්තු 30ක් පමණ ඇවිදීම, සරල ව්‍යායාම, යෝගා හෝ ක්‍රීඩා කිරීම යනාදිය සිදුකිරීම ප්‍රමාණවත් වෙයි. දිගු වේලාවක් එකම ස්ථානයක එකම ඉරියව්වකින් කිසියම් කාර්යයක නියැලෙන  පුද්ගලයන් විශේෂයෙන්ම තමන්ගේ ශරීරයට චලනය ලබා දීමට වග බලා ගැනීම වැදගත් වෙයි.

ප්‍රමාණවත් නින්ද සහ විවේකය

කාර්යබහුල දිවියකට නිරෝගීව සිටීමට නින්ද ඉතා වැදගත් වෙයි. ප්‍රමාණවත් නින්දක්  නොලැබෙන විට ශරීරය හා මනස යන  දෙකම  ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගනී. මෙම නිසා අවම වශයෙන් දිනකට පැය 7–8ක නින්දක් ලබාගැනීම සුදුසු  වෙයි.නින්දට පෙර ජංගම දුරකථන සහ තිර භාවිතය අඩු කිරීම, නියමිත වේලාවකට නිදාගැනීම සහ නිදාගැනීමට සුදුසු පරිසරයක් සකස් කිරීම සුවදායි නින්දකට උපකාරී වේ.

මානසික සෞඛ්‍යය රැකගැනීම    

ශාරීරික සෞඛ්‍යයයත්  සමඟම මානසික සෞඛ්‍යයත්  යහපත්ව පවත්වා ගැනීම අතිශය වැදගත් වෙයි. ආතතිය, කනස්සල්ල සහ දුක දිගු කාලයක් පවතින විට එය ශරීර සෞඛ්‍යයට නොදැනුවත්වම බලපෑම් ඇති කරයි.එම නිසා  එම තත්ත්වයෙන් පාලනය  වීම සඳහා තමන් කැමති ක්‍රියාකාරකමක නිරතවීම , සංගීතයට ඇහුම්කන් දීම, භාවනා කිරීම හෝ විශ්වාසිත පුද්ගලයෙකු සමඟ කතා කිරීම යනාදිය ප්‍රයෝජනවත් වෙයි.

ශරීරයට අහිතකර පුරුදු වලින් දුරස්වීම

දුම්පානය, අධික මත්පැන් භාවිතය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ශරීරයට දැඩි හානිදායක වෙයි.  මෙවැනි පුරුදු දිගින් දිගටම සිදුවීම තුළින් හෘද රෝග, පිළිකා, අක්මාව  ආශ්‍රිත හානි වැනි බරපතළ රෝගවලට මුහුණ පෑමට සිදුවිය හැකිය. එම නිසාසුවදායී දිවියක් පවත්වා  ගැනීමට  මෙම අහිතකර ක්‍රියාවන් තුළින් හැකි තරම් දුරස් වීම වැදගත් වෙයි.

පෞද්ගලික පිරිසිදුභාවය සහ සුවදායී පාරිසරික වටපිටාව

පිරිසිදු ජීවිතයක් පවත්වා ගැනීම රෝග වලින් වැළැක්වීමට උපකාරී වේ. නිතර අත් සේදීම, පොදු ස්ථානවල ගැවසීමෙන් පසු පිරිසිදු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, පිරිසිදු ඇඳුම් පැළඳීම සහ පරිසරය පිරිසිදුව තබාගැනීම  යනාදිය තුළින්  බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගයන්ද අවම කරගතහැකි වෙයි.

නිරෝගීව සිටීම යනු එක් දිනකින් ලබාගත හැකි දෙයක් නොව දිනපතා පවත්වාගෙන යා යුතු ජීවන රටාවකි. හොඳ ආහාර, ව්‍යායාම, නින්ද, මානසික සුවතාවය සහ හොඳ පුරුදු එකට එකතු වූ විට සුවපත් දිවියක්  කෙටි කාලයකින් ගොඩනගා ගත හැකි වෙයි.සුව දිවියක් ගොඩනගා ගැනීම සඳහා විශාල වෙනස්කම් අවශ්‍ය නොවේ.නිතර කුඩා හොඳ පුරුදු සහ ක්‍රියාමාර්ග පවත්වාගෙන යාමෙන් දිගු කාලීන සෞඛ්‍ය, මානසික සුවතාව සහ ජීවන තෘප්තිය ලබාගත හැකි වෙයි.


.........“සුව දිවියක් යනු ධනය, වටිනාකම, හෝ සමාජ තත්ත්වයන් මත නොව, නිතර හොඳ පුරුදු මත ගොඩනගා ගත හැකි ක්‍රියාදාමයකි.”..........

Come on,Let'talk

ධනාත්මක චින්තනය යනු

ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමේදී අපට හමුවන ගැටලු අසාර්ථකතා සහ අභියෝග  හමුවේ ඒවාට හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් සිතීමය

 වර්තමානය වන විට වයස් සීමාවකින් තොරවම බොහෝ දෙනා ජීවිතයේ විවිධ පීඩනකාරී ස්වභාවයන්ට  මුහුණ දෙමින් සිය ජීවිකාව ඉදිරියට පවත්වාගෙන යාමට  උත්සාහ කරනු ලබයි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිඵල, විභාග, රැකියාව, අනාගතය, පවුල් ප්‍රශ්න, සමාජ මාධ්‍ය යන මේ සියල්ලම එකට එකතුවෙලා පුද්ගල සිත නොසන්සුන් තත්ත්වයකට පත්ව ඇති බවක් හඳුනාගන්න පුළුවන්.මෙවන් අවස්ථාවන්හිදී  අපි සිතන විදිහ තමයි අපේ ජීවිතය ඉදිරියට ගන්නවද, නැත්නම් අපිව තවත් පහළට ඇද දමනවද යන්න කියලා තීරණය කරන්නේ.

ධනාත්මක චින්තනය යනු හැමදේම හොඳයි කියලා වංචනිකත්වයෙන්  හිතන එක නෙවෙයි.එනම් ගැටලු තියෙන බව පිළිගැනීමත් සහ ඒ ගැටලු අතරින්ම විසඳුමක් හොයන්න පුළුවන් කියලා විශ්වාස කිරීමයි.අසාර්ථක  වූ අවස්ථාවක  තමන්  තමන්ටම අගය නැති කෙනෙක් ලෙස   සිතන එක වෙනුවට“මේකෙන් මට මොනවද ඉගෙන ගන්න පුළුවන්?” කියලා හිතන එක තමයි ධනාත්මක සිතුවිල්ල.

   අපි හිතන විදිහ අපේ ජීවිතයට කොච්චර බලපානවාද?

ඔබ නිතර නිතර සිතන සිතුවිල:


➤ඔබේ ආත්ම විශ්වාසය
➤ඔබේ තීරණ
➤ඔබේ හැසිරීම
➤ඔබේ අනාගතය

යන හැමදේටම බලපානවා.

  

    ධනාත්මක චින්තනය තුලින්  ලැබෙන ප්‍රතිලාභ

✔️ ආතතිය  ටික ටික අඩු වෙයි

✔️ තමන් පිළිබඳ විශ්වාසයක් ඇති වෙයි

✔️ අභියෝගයන්ගෙන් පලා නොයා අත්දැකීම් ලෙස භාරගන්න පුරුදු වෙයි

✔️ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වෙයි

✔️ අසාර්ථකතා ජීවිතයේ අවසානයක් නොව, නව ආරම්භයක් ලෙස භාර ගන්න හැකිවෙයි


      ධනාත්මක ලෙස සිතන්න පුළුවන් සරල ක්‍රම

 ➥ඔබට ඔබම හොඳ වචන කියන්න

 ➥නිතර නිතර ඔබට තියෙන හොඳ ධනාත්මක දෑ මතක් කරන්න

 ➥ඔබව පහළට ඇද දමන දේවල් වලින් ටිකක් ඈත් වෙන්න

 ➥සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කරන්න

 ➥ වැරදීමක් සිදුවුවහොත් නිවැරදි කිරීමට පුරුදුවන්න


ධනාත්මකව සිතීම තුළින් ඔබේ ජීවිතය එක රැයකින් වෙනස් වෙන්නේ නැතිවෙයි. නමුත් ඔබ සිතන ආකාරය ටික ටික වෙනස් කළහොත්ඔබේ ජීවිතයත් ටික ටික සුබවාදී වීමට පටන් ගනී. ඔබට හැකියාව තියෙනවා. ඔබට වටිනා අනාගතයක් තියෙනවා. ධනාත්මකව සිතන්න.

Come on,let's talk

ආතතිය යනු

පුද්ගලයකුගේ ජීවිතයේ ඇතිවන මානසික, ශාරීරික හෝ සංවේගාත්මක පීඩනයට ප්‍රතිචාර ලෙස ශරීරය සහ මනස දක්වන ස්වභාවික ප්‍රතික්‍රියාවකි.වර්තමානය වන විට යෞවන යෞවනියන් අධික ලෙස ආතතියට පත්වීම ගැටලුකාරී වාතාවරණයක් බවට පත්ව තිබේ.

තරුණ තරුණියන්ට ආතතිය ඇතිවෙන්නේ ඇයි?

වර්තමාන සමාජයේ යෞවන යෞවනියන් අතර “ආතතිය” කියන වචනය බොහෝවිට අහන්න දකින්න ලැබෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනය, රැකියාව, සමාජ ජීවිතය, අනාගත බලාපොරොත්තු යනාදිය එකට එකතුවෙද්දි යෞවන අවධිය මානසිකව බර වුණු කාලයක් බවට පත්වෙලා තියෙනවා.

යෞවන යෞවනියන්ට ආතතිය වැඩි වශයෙන් ඇතිවෙන්නෙ ඇත්තටම ඇයි?

1. අධ්‍යාපන හා රැකියා පීඩනය

යෞවන අවධියේ විශාලම පීඩනකාරී වාතාවරණයක් ඇති වනුයේ අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධයෙන් වෙයි. විභාග ප්‍රතිඵල, assignment, competition, “හොඳ job එකක් ලැබේවිද?” කියන සැකය තරුණ මනසට අඛණ්ඩ පීඩනයක් ගෙනදෙයි. සමාජයෙහි “සාර්ථක විය යුතුයි” කියන අදහස මේ පීඩනකාරී ස්වභාවය තවත් වැඩි කරනවා.

2. පවුලේ බලාපොරොත්තු හා සමාජ බලපෑම්

පවුලේ අයගේ බලාපොරොත්තු සමහර විට තරුණ තරුණියන්ට දරාගන්න අමාරු වෙයි. හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක්, ඉක්මනින් සාර්ථක ජීවිතයක් යන මේ සියල්ල එකට එකතු වෙද්දි ආතතිය ස්වභාවිකවම වැඩිවෙනවා. එයට අමතරව සමාජයේ අදහස්, විවේචන සහ සැසඳීම් ද තරුණයන්ගේ සිත් පීඩා කරයි.

3. අනාගතය ගැන ඇති අවිනිශ්චිතතාවය

“මගේ අනාගතය කොහොම වෙයිද?” කියන ප්‍රශ්නය බොහෝ තරුණයන්ගේ මනස තුළ නිතරම පවතින සිතුවිල්ලක් වෙයි. තමන් විසින් තෝරාගන්නා ලද මාර්ගය හරිද, සාර්ථක වෙන්න පුළුවන්ද කියන සැකය දිගු කාලයක් පවතින විට මානසික ආතතිය ගොඩනැගේ.

4. සමාජ මාධ්‍ය සහ සැසඳීම්

අද කාලයේ සමාජ මාධ්‍ය තරුණ ජීවිතයේ විශාල භූමිකාවක් ආවරණය කරයි. අනෙකාගේ සාර්ථක ජීවිත, සංචාර, ජයග්‍රහණ දැක තමන්ගේ ජීවිතය සැසඳීමෙන් “මම ප්‍රමාණවත්ද?” කියන හැඟීම ඇතිවෙයි. මේ සැසඳීම් ආතතිය වැඩි කරන ප්‍රබල හේතුවක් බවට පත්වෙලා තියෙනවා.

5. මානසික සහ ශාරීරික හේතු

ප්‍රමාණවත් නින්දක් නොලැබීම, විවේකය නොලැබීම, අධික රාජකාරී ස්වභාවය සහ තමන්ගේ හැඟීම් කෙනෙකුට කියාගත නොහැකි වීමද ආතතියට හේතු වේ. බොහෝ තරුණ තරුණියන්ට තමන්ගේ ගැටලු පිළිබඳ නිසි ලෙස කතා කිරීමට අදහස් ප්‍රකාශ කිරීමට විශ්වසනීය පුද්ගලයෙකු නොමැති වීම ඔවුන් තවත් ආතතියට ලක් කරයි.

ආතතිය නැති කරගත හැකි ප්‍රායෝගික ක්‍රම

අද කාලයේ ආතතිය තරුණ තරුණියන්ගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වුවද එය පාලනය කරගැනීමට පියවර ගතහොත් ජීවිතය තවත් සරලව සහ සතුටින් ගත කළ හැක. ආතතිය සම්පූර්ණයෙන්ම නැති කළ නොහැකි උවද පහත ක්‍රම මඟින් එය බොහෝ දුරට පාලනය කරගත හැක.

1. කෙනෙකු සමඟ විවෘතව කතා කිරීම

ආතතිය මනස තුළම තබාගැනීමෙන් එය තවත් වැඩිවේ. විශ්වාස කරන මිතුරෙකු, පවුලේ අයෙකු හෝ උපදේශකයෙකු සමඟ තමන්ගේ හැඟීම් කතා කිරීමෙන් මනසට විශාල සැනසිල්ලක් ලැබේ.

2. ප්‍රමාණවත් නින්ද

ප්‍රමාණවත් නින්දක් නොලැබීම ආතතිය වැඩි කරන ප්‍රධාන හේතුවක්. දිනකට අවම වශයෙන් පැය 7–8ක් නිදාගැනීමට උත්සාහ කිරීම මනස සන්සුන් කරගැනීමට උපකාරී වේ.

3. ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම්

දිනපතා සුළු ව්‍යායාම, ඇවිදීම, දිවීම හෝ යෝගා වැනි ක්‍රියාකාරකම් මඟින් ශරීරය පමණක් නොව මනසත් සුවපත් වේ. ව්‍යායාම කිරීමෙන් ආතතිය අඩු කරන හෝමෝන ශරීරයෙන් නිදහස් වේ.

4. කාලය හොඳින් සැලසුම් කිරීම

වැඩ ගොඩ ගැසීම ආතතිය වැඩි කරයි. දිනපතා වැඩ ලැයිස්තුවක් සකස් කරගෙන ප්‍රමුඛතා අනුව වැඩ කිරීමෙන් මානසික පීඩනය අඩු කරගත හැක.

5. සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම

සමාජ මාධ්‍ය හරහා අනෙකාගේ ජීවිත තමන්ගේ ජීවිතය සමඟ සැසඳීම ආතතිය වැඩි කරයි. ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතය සීමා කර තමාගේ ජීවිතයට අවධානය යොමු කිරීම වැදගත්ය.

6. කැමති දේවල් සඳහා කාලයක් වෙන් කිරීම

සංගීතයට සවන් දීම, පොත් කියවීම, චිත්‍ර ඇඳීම හෝ කැමති විනෝදාංශයක නියැලීම මනසට විවේකයක් ලබාදේ. මේවා ආතතිය අඩු කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ.

7. ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීම

නිතරම අසාර්ථකත්වය ගැන සිතීම වෙනුවට තමන්ට හැකි දේවල් සහ ලැබූ ජයග්‍රහණ ගැන සිතීම ආතතිය අඩු කරයි. ධනාත්මක සිතුවිලි මනස ශක්තිමත් කරයි.

8. අවශ්‍ය නම් වෘත්තීය උපකාර ලබාගැනීම

ආතතිය දීර්ඝ කාලයක් පවතීනම් මානසික උපදේශකයෙකු හෝ වෛද්‍යවරයෙකුගේ උපකාර ලබාගැනීම කිසිසේත්ම ලැජ්ජාවක් අපහසුතාවයක් නොවේ. එය තමන්ට කරන හොඳම උදව්වක් වේ.

ආතතිය සමඟ ජීවත් වීම වෙනුවට එය පාලනය කරගමු

ආතතිය ජීවිතයේ කොටසක් වුවද එය සම්පූර්ණයෙන්ම අපගේ ජීවිතය පාලනය කිරීමට ඉඩ දිය යුතු නොවේ. විශ්වාසවන්ත පුද්ගලයකු සමඟ කතා කිරීම, නිසි විවේකය ලබාගැනීම, ව්‍යායාම, සහ අවශ්‍ය නම් මානසික උපදේශකයෙකුගේ සහය ලබාගැනීමෙන් ආතතිය පාලනය කරගත හැක. අවසානයේ, තරුණ වයස කියන්නේ ජීවිතය ඉගෙන ගන්නා, වැරදි කරන, නැවත වැරදි නිවැරදි කරන අවධියක් වෙයි. ඒ නිසා ආතතියට බියවන්නෙ නැතුව එය හඳුනාගෙන එයට නොබියව මුහුණ දීමට කටයුතු කරන එකම සාර්ථක ජීවිතයකට පියවරක් වෙනවා.

Come on, Let's talk

 කරපිංචාවලින් කොණ්ඩෙ වවමුද......    දවස් හතක් වගේ කෙටි කාලයක් තුළ ඔයාගේ හිස කෙස් වැවීම දෙගුණයක් වේගවත් කරන ස්වභාවික සත්කාර තිබෙනවා කිව්වොත් ...